Writings

ජීවිතයෙ ලස්සනම කාලය

Bhagya K Gamage

Bhagya K Gamage

ජීවිතයෙ ලස්සනම කාලය පාසැල් කාලය.අපි ඉක්මනින් ලොකු වෙන්න හීන දැක්කට ඒ දවස් වල ,අපි විහිලුවට වත් හිතුවෙ නැ ළමා කාලය මේ තරම් ඉක්මනින් ගෙවිලා යාවි කියලා.අද හීනයක් වගෙ උන ඒ අතීතයෙ හුගක් තැන් වල හිත තාමත් අතරමං වෙනවා.

මතකද ඉස්සර පරක්කු පෝලිම.ගේට් එක ලග පරක්කු වෙලා ආවෙ අපෙ එවුන්ගෙ අතෙ තීන බෑග් එක හොරෙන් ගේට් එකෙන් පන්නල පන්තියෙ ගෙනත් තිබ්බ අපි.අර ලොකුම ලොකු මැයි ගහ ලග ….හිටිය ප්‍රිෆෙක්ට්ල අතර ලොකු පන්ති වලට යද්දි අපෙ එවුනුත් හිටිය.

අපි o/L කරනකම් පන්ති අටකට සීමා උනා.ඒත්……ඒ ලෙවල් කරද්දි අපි විෂයන් වලට බෙදුනා.

මතකද ප්‍රදිපිකා මිස්ගෙ කටහඩ.ඒ සාරි පොටෙන් හමපු සුවඳ…දන්නවද ඒ කාලෙ අපේ ටීචර්ල ගහපු පර්ෆියුම් වර්ග මොනවද මන්දා බං මම තාම හොයනවා.අවුරුදු 20-25 ගෙවිල ගිහිල්ලත් ඒ සුවඳ තාම මතක තියෙන්න , මැජික් පර්ෆියුම් එකක් වත් use කරාද මන්ද?

ඒ වැඩක්ද අපෙ කොල්ලො ග්‍රවුන්ඩ් ඉදල ඉදල දාඩිය පෙරාගෙන පන්තියට ආවම ඒ ශර්ට් වලට දාපු නිල්මා ඔජාලා පාට එක්ක තිබුන දිස්නෙ…එහෙමත් එකෙක් ලග black night ,tiger ,ck වගෙ බ්‍රෑන්ඩ් වල සුවද ආවට හුගක් උන් ලග තිබුනෙ උන්ට ආවේනික සුවද.

කෙල්ලො ලග ගොඩක් වෙලාවට තිබුනෙ කේෂා අම්ලා ඔයිල් සුවද ..දිගට දිගෙ කොන්ඩ කරල් ගොතල ඒවා පේන්න ගස්ස ගස්ස ඇවිදින කොට …….ඒක අමුතුම ගැම්මක්.

උසස්පෙල දි අපි මහ ලොකු මිනිස්සු වගෙ වගකීම් ගත්ත වගෙදත් හිතෙනවා …කොමස් එකෙ උන් එක පවුලක් ඒකෙත් class වෙන වෙනම පවුලක්.maths bio art උන් වෙන වෙනම පරම්පරා ඒවයෙත් 1,2,3කියල වෙන වෙනම පවුල්…පවුල් ඇතුලෙ වෙනම අවුල් 🫣

හරියට පප්පා ගම වගෙ බං 😁

දවසක් සිංදු කියල යසපාල සර්ට මාට්ටු වෙලා bio එකෙ උන් සේරම දන ගැස්සුවා.යසපාල සර් එනවත් එක්ක එතනින් ගිය මාව එයාට අහු උනෙ නැති එක හෙනම අවුල්..මොකද මං හැර අනික් උන් දන ගහලා 😐

උබ පලයන් උබ පලයන් එන්නෙපා මෙතනට සදිපා සෙනරත් යාපා එදා මාව එලෙව්වෙ එහෙම.

ස්පෝර්ට් මීට් දවස් science day ,Commerce day, නානාප්‍රකාර days වල අපි හැමදාම ගෙව්වෙ Fun day බං…..ඇත්තටම ලෝබයි

සල්ලි ගෙවල ආස දේ කොච්චර කෑවත් කැන්ටිමෙන් පොරකාල කාපු පාන් කාල තරම් නැ බං ,ඒ කට්ලට් එක වඩෙ එක.ගෙවුන අවුරුදු 9 ටම කවදාවත් ම ගෙනිච්ච බත් එක සම්පුර්නයෙන් ඉවරේට කෑවෙ නැ බං.කැන්ටිමෙන් ගත්ත වඩෙ එකවත් සම්පුර්ණ රවුමක් තිවුනද මතකත් නැ.හැබැයි බං එදා බඩගිනි උනෙ නැ

මම එදා Maths එකෙ හිටයට…හැම සෙක්ෂන් එහෙකම උන්ගෙ බත් පතක රහ බැලුව.සමහර දාට ගුරුවරුන්ටත් හොයව්න බැරිව ගියා අපි ඉන්නෙ මොන class එකේද කියල 🫣

ස්කෝලෙ ගේට් එක අපෙ class කැන්ටිම ග්‍රවුන්ඩ් එක වගේම කවදාවත් අමතක වෙන්නැ අපිව බාල කාලෙම නරක් කල love කල සෙට් එක.අදටත් ස්කෝලෙට ගියාම උන් දැල් වල එල්ලිලා හිටිය විදිය මතක් වෙනවා.සමහර උන් දඩුවම් වින්ද හැටි තව උන් කට්ටි පැන පැන ලව් කල හැටි.අද අපේ උන් හරිම ලස්සන පවුල් ජීවිත ගෙවද්දි උන්ගෙ ළමා කාලය පෙන්නන පුංචි එව්වොත් ඉන්නවා.

දන්නවද උබල දෙයක්..

අදටත් හිත සතුටු වෙනවා නම්,එකපාරටම මුනට හිනාවක් එනවා නම්, ඒ

උබල නිසා..උබල දීපු මතකනිසා.ගස් නැගපු තාප්පෙන් පැනපු ඒ පැනල ගිහින් දිවුල් ගැට ගෙනත් හොරෙන් කාපු…එක බත් මුලට 20ක් විතර පැනල අන්තිමෙ බත් එකෙ තිවුනෙ ඔතපු කොලෙ විතරද කියල හිතපු ඒ කාලෙ ආයෙ එන්නැ බං…..

සිරාවටම දුක නැද්ද … දුකයි බං

ඒත්… සතුටක් තීනවා …ඒ අපි ආයෙ මුනගැහෙන එක.තව දවස් 08ක් කියන්නෙ…..බලපන් මෙ දවස් 08 ගෙවාගන්න අමාරු වෙන හැටි.

ඒත් නොවැම්බර් 08 ගෙවෙයි බං හුස්ම ඉහලට අරන් පහල දාන ටිකට.මම ආසම නැත්තෙ ඒකට.ඉස්සර ස්කෝලෙ ඇරිල ගෙදර දුවන්න 2 ට බෙල් එක වදිනකම් බලා හිටිය හිත…… දැන් බය නොවැම්බර් 08 කියන ලස්සන දවස ඉක්මනින් ගෙවිල ඉවර වෙයි නේද කියන එකට.

ඉවර වෙන්නත් අපි එන්නඕන ඒ දවස පහුවදාට එලිවෙද්දි අපරාදෙ හිතෙන්න.කාලය ගියෙ කියල නෙමෙ …ආයෙ දවසක් තියෙද කියලත් sure නැති මෙ ජීවිතයෙ මෙ දවස මගහැරගන්න බැ බං……

අනේ! උබලත් මගහරින්න එපා…….

2026 නොවැම්බර් 08 තමයි දවස …..😍😍😍😍

මං උබලගෙ බාගෙ
Bhagya K Gamage …

Liked by Indrajith Wickramanayaka Karunarathna and N.E.L Kushan Niluka

1 comment

  1. Indrajith Wickramanayaka Karunarathna

    Very inspiring ❤️🔥

Sign in to like and comment. Use your email or Google — no password needed.