පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ අකුරු කරපු 2002 O/L සහ 2005 A/L විභාග වලට මුහුණ දීලා මේ වෙනකොට ලෝකයේ හතර දිග්බාගේ විසිරිලා ඉන්න වයස අවු. 40ක් සම්පූර්ණ වෙච්ච පාසල් කාලේ සුන්දර මතකයන් මල්ලක් පොදි බැඳගෙන ජීවත්ව ඉන්න පිරිසක්.
මේ විදිහට විසිරිලා ඉන්න අපිට Group එකක් විදිහට අපේ පිරිස් බලය යොදාගෙන අපි වෙනුවෙන් / අපේ පාසල වෙනුවෙන් / අපේ පාසල් මිතුරු මිතුරියන් වෙනුවෙන් ප්රතිලාභ ලබා ගැනීම සඳහා Hub එකක් විදිහට පාවිච්චි කරන්න PCC Batch 2005 නමින් සියළු නීත්යානුකූලභාවයන්ට යටත්ව ශ්‍රී ලංකා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ සංගමයක් විදිහට අපි මෙය ලියාපදිංචි කෙරුවා.
මෙතනින් ඉස්සරහට පැහැදිලි කරන්න මම අඹගහක් සහ ව්‍යවස්ථාවේ අනු අංක පාවිච්චි කරනවා.
මචං උඹලා අපි මේ දුවන රේස් එකේ අපේ පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් කාලය කැප කරන Peak ම Time Frame එකේ දී තමා මම මේ දේ කියන්නේ. ඉතින් මේ Peak එක තව අවු. 15ක් යනකොට මෙ අපි දුවන රේස් එක සාර්ථකව නිමා කරලා සැඳෑ සමය කියන Off Peak එක ළඟා වෙනවා. එතකොට අපේ දරුවන්ට Peak time frame එක ඇවිල්ලා උන් හොඳටම busy වෙලා හරියට අපි උඹලා දැන් මේ busy වෙලා ඉන්නවා වගේ.
ඉතින් අපිට සැඳෑ සමයේ කාලය සහ මුදල් කියන දෙකම තිබ්බත් ආශ්‍රය කරන්න ඉන්න පිරිස ඉතාම අඩු වෙනවා. එහෙම වෙන උඹට මට හමුවෙන්න අඹ මිතුරු සෙවණක් එදාට ගන්න නම් මේ අපිට 40ක් වන අවුරුද්දේ දී වත් අඹ පැලයක් හිටවලා තියෙන්න ඕනේ. අන්න ඒ අඹ පැලය තමයි අපි මේ PCC Batch 2005 කියලා මේ අවුරුද්දේ හිටෙව්වේ. මේ පැළය තව අවු. 15ක් යනකොට මහ විශාල අඹ ගහක් වෙලා ගොඩ පිරිසකට සෙවණ දෙන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තියේවි. මේ සෙවණ එදාට උඹට මට batch එකේ කෙනෙක් විදිහට ලබාගන්න පූර්ණ අයිතිය ඉබේම ලැබෙනවා.
ඒත්… මේ අඹ ගහේ ගෙඩි කන්න පුළුවන් වෙන්නේ මේ ගහ පෝෂණය කරන සාමාජිකයින්ට විතරයි. මචං අපි සාමාජික මුදලක් විදිහට මාසෙකට රු. 500ක් ලෙස අවුරුද්දක් සඳහා රු. 6000ක මුදලක් අයකරනවා (මෙය වාරික 2කින් ගෙවිය හැකියි). ඒ විදිහට එකතු වෙන සාමාජික මුදල්වලින් ප්රතිලාභ ලබාදෙනවා. (12.8) ඒ දෙන ප්රතිලාභ තමයි අඹ ගෙඩිවලට සමාන කලේ.
සාමාජික මුදල් නොගෙව්වත් මේ සංගමයේ සාමාජිකත්වය අහෝසි නොවන විදිහට තමයි ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. (5.7) ඒක තමයි මම කිව්වේ ගසේ සෙවණ ලබන්න batch එකේ හැමෝටම අයිතියක් තියෙනවා කියලා.
මේ වෙනකම් මේ කතාව කියවන්නවත් සමහර යාළුවන්ට වෙලාවක් නැහැ කියලා මම දන්නවා. ඒත් කවදාහරි දවසක ඔය දුවන රේස් එක දිනලා මහන්සි අරින වෙලාවට මේ කතාව කියවන්න ලැබුනොත් මේ වැඩේට set වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වෙනකම් කියවන්න වෙලාව තිබ්බ අයට මම මෙකේ ඉස්සරහට ගෙනියන්නම්.
මුලින් 130 දෙනෙකුගේ ඡන්දයෙන් පත්වුණු නිලධාරින් set එක කව්ද කියලා මට දැනෙන විදිහට පැහැදිලි කරන්නම්.
සභාපති – ශිවන්ක චතුරංග
Technology උපරිමයෙන් පාවිච්චි කරන, project එකක් කරන්න set වුණහම “මචං කට්ටියගේ සල්ලි එකතු වුණාහම ගමු” කියලා වෙලාවට අවශ්‍ය කරන ප්‍රතිපාදන පෞද්ගලිකව දුන්න මිතුරෙක්.
ලේකම් – රුවනි ජයසුන්දර
Office එකේ meetings වලට හිර වෙලා ඉද්දි වුණත් ඕනෑම ගැටළුවකට උපදෙස් දීලා අපි හැමෝගෙම එකමුතුකම රැකගන්න ඉදිරිපත් වන, සංගමයට අවශ්‍ය වන වාර්තා / ලිපි ගලපලා ලියලා දෙන අපේ Art teacher ගේ දුව.
භාණ්ඩාගාරික – කලිඳු ජයසංඛ
කොළඹින් පිට වැඩ කරා වුණත් weekends වල අවශ්‍ය accounts ටික බලලා අපිටත් ගිණුම්කරණය උගන්වලා සතේට ගණන් හදන මිතුරෙක්.
උප සභාපති – ප්‍රසන්න සිරිනාත් (මම)
උඹලා හැමෝම එකට එකතු කරන්න, දැනුවත් කරන්න පුක ඉරාගෙන මේ වගේ article ලියන, මේ වෙනකොටත් ලොකු අඹ ගස්වල අඹ කන මිතුරෙක්.
උප ලේකම් – ගයාත්‍රි ජයප්‍රදා
ඔනෑම පොදු වැඩකදි අපිට පිළියන්දල hub එකක් විදිහට භාවිතා කරන්න තමන්ගේ institute එක සියළුම පහසුකම් යටතේ නොමිලේ ලබාදීලා සංග්‍රහත් කරලා සුපිරි support එකක් දෙන චාම් කෙල්ලෙක්.
උප භාණ්ඩාගාරික – හිමාල් ප්‍රියසාද්
Accounts වලින් වෘත්තියමය මට්ටමේ සිටින, තමාගේ දැනුම සංගමයේ ගිණුම් කටයුතු වෙනුවෙන් ලබාදෙන රගර් team එකේ හිටපු number 08.
ප්‍රධාන සංවිධායක – උමයංගා වීරසිංහ
තමාගේ අදහස සහ කියන්න තියෙන දෙයක් තියෙනවා නම් මූණටම කියන, සංවිධාන කටයුතු වලදී තමාගේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන ඉතාමත් වටින සාමාජිකයෙක්. සිය පවුලේ භාගයක්ම අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයින් වන, අපේ කොල්ලෙක් මස්සිනා කර ගත්ත. කොල්ලෙක් වෙන්න ඉඳලා අම්මාගේ කීමට කෙල්ලෙක් වෙච්ච එකෙක්.
කාරක සභික 07
උඹ මම දුවන මේ peak එකේ දුවන ගමන් මේ වැඩවලට උපරිමයෙන් සහභාගි වෙලා තමන්ගේ අදහස් / යෝජනා ඉදිරිපත් කරමින් සමූහයේ සාමාජිකයින් නියෝජනය කරන බල කණු හත.
Active සාමාජිකයින්
දැනට අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල ගැන update තියන, main group message කියවන 50ක වගේ ඉන්න set එක. මේ කරන හැමදෙයක්ම සාර්ථක කරගන්න සහයෝගය ලබාදෙන වටිනාම set එක.
ඉතින් මචං උඹ හිතනවා ඇති මෙහෙම උදව් කරන මුන්ට මේකෙන් ලැබෙන වාසිය මොකක්ද කියලා. ඒ වාසිය තමයි බං අපි මේ කරන projects / events වලින් මම අර මුලින් කියපු ලස්සන මතක මල්ල ලිහලා මතකයන් එලියට ගනිද්දි උඹලාගේ මුහුණු වලට එන සතුට. පිටරටක ජීවත් වුණත් අපි දාන photos වලින් උඹලට ලැබෙන සතුට.
ඒ සතුට උඹලත් ගන්න නම් එක මහ සභාවකදි හරි නිලධාරි මණ්ඩලයට පත්වෙලා එන්න කියලා ආරාධනා කරනවා. (18) ඒක පට්ට බං…
ඉතින් මම හැමෝගෙන්ම ඉල්ලනවා අපි මේ දීලා තියෙන Form එක පුරවලා සංගමයක් විදිහට මේ පැල කරපු අඹ ගහ ලොකු කරන / පෝෂණය කරන වැඩේට එකතු වෙන්න කියලා.
මේ හැමදේම අන්තිමට ඉවර වෙන දවසක් එනවා. ඒ කියන්නේ මේ සංගමය විසිරුවා හරින දවසක් එනවා. (28) එදාට අන්තිම සාමාජිකයින් 15 දෙනා රැස්වෙන දවසට සියළුම වත්කම් වලින් 75%ක් අපේ පාසලේ පාසල් සංවර්ධන සමිතියට බැර කරලා ඉතිරි 25% ඒ 15 දෙනා අතර සමසේ බෙදාගන්න පුළුවන්. අන්න එදාට ඔය 15 ඇතුලේ උඹ මම හිටියොත් ඒ සල්ලි වලින් Fun එකක් දාලා අර එකතු කරගත්තු ලස්සන මතක මල්ල ලිහලා බලමු. එදාට මම මැරිලා හිටියොත් පාසලට බැර කරන 75%ක මුදල්වලට මමත් සම්මාදම් වුණානේ කියලා ඉන්න තැනක ඉඳන් ඒ පිං ටික අනුමෝදන් කරගන්නම්.
මෙයට,
ප්‍රසා / සිරියා
ප්‍රසන්න සිරිනාත්
2026.03.11
Liked by Indrajith Wickramanayaka Karunarathna, N.E.L Kushan Niluka and 1 other
1 comment
Sign in to like and comment. Use your email or Google — no password needed.
🔥🔥🔥🔥🔥🔥🔥